මහ ගංවතුර තත්වයක් ගැන රතු නිවේදනයක්

මහ ගංවතුර තත්වයක් ගැන රතු නිවේදනයක්

මහ ඔය ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම වර්ෂා තත්ත්වය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශේෂේණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම,පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල හා දංකොටුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නමේ පහත් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තතත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන් මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලබන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

Share This