සුලඟට ගසා ගෙන ගිය ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන

සුලඟට ගසා ගෙන ගිය ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන

ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි අද (15) පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබු ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සදහා ඉදිකර තිබු වේදිකා, කුඩාරම්, විදුලි උපකරණ සියල්ල අද අළුයම් කාලයේ දි ඇතිවු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් දැඩි හානියට පත්ව තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 3700 කට ආසන්න පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමට නියමිතව තිබුණි.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විමට නියමිතව තිබුණි.

ඉදිකර තිබු වේදිකා කුඩාරම් වලට හානි සිදුවීම නිසා අද දින පැවත්වීමට නියමිතව තිබු ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන අවලංගු කර ඇත.

ඒ හේතුවෙන් ශිෂ්‍යත්ව ලබා ගැනීම සදහා දෙමව්පියන් සමග පැමිණි පාසල් සිසුන් ආපසු හැරි ගොස් තිබේ.