ඥානසාර හිමිට මාස 09ක ලිහිල් සිරදඬුවමක්

ඥානසාර හිමිට මාස 09ක ලිහිල් සිරදඬුවමක්

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් 1500ක දඩයක් නියම කරන බවටත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්, එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනයවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.