මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට දරුණු පිළිකා රෝගී තත්වයක්

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට දරුණු පිළිකා රෝගී තත්වයක්

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF ) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා බරපතල ලෙස රෝගාතුර වී ඇතැයි වාර්තා වේ.

දරුණු පිලිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ ශරීර සෞඛ්‍ය දිනෙන් දින පිරිහෙමින් පවතින බව එම වාර්තා හෙළි කරයි.

මේ තත්ත්වය මත ඔහුට පාර්ලිමේන්තු සැසි වලට සහභාගී වීමට නොහැකි හෙයින් මාස තුනක කාලයකට පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලා සිටි අතර ඊට අනුමැතියද ලැබී තිබේ.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා එම පක්ෂයේ නායකත්වයේ හා පරිපාලන කටයුතු වල වගකීම් වලින්ද ඉවත් වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රීවරයා විදේශ රට වලින්ද මේ වන විට ප්‍රතිකාර ලබා ගෙන ඇති නමුත් සෞඛ්‍ය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයන් නැතැයි මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

Share This