
“පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා මම දන්නවා” – ඥානසාර හිමි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් සිටින බවත් ඒ පිළිබඳව තමා දන්නා බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.
මහනුවර දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
“මේකේ මහ මොළකාරයෙක් ඉන්නවා කිව්වා. දැන් හොයනවද මහ මොළකාරයා. මම වගකීමෙන් කියනවා මම දන්නවා මහ මොළකාරයා. හැබැයි ඒක මාධ්‍යයට කියන්නේ නෑ.
ඒක මාධ්‍යයට කියනවා… රටේ ජනාධිපතිටයි ආරක්ෂාව භාරව ඉන්න අයටයි කියලා. මහ මොළකාරයෙක් ඉන්නවා ඒ ගැන මම දන්නවා. මහ මොළකාරයාගේ පැටිකිරිය දන්නවා.
මහ මොළකාරයා හිටපු තැන දන්නවා. මහ මොළකාරයා ඇසුරු කරපු අය දන්නවා. මහ මොළකාරයා සහරාන්ව පුරුදු කරපු හැටි දන්නවා. ඔහුව මරාගෙන මැරෙන්න ගයිඩ් කරපු හැටි දන්නවා.
නම් ගම් ඔක්කොමත් එක්ක අදාළ බලධාරීන්ට කියනවා හැරෙන්න අප්පුහාමිටයි කරුණාවතීටයි කියලා වැඩක් නෑ.”