ඉන්ධන මිල සංශෝධනයක් !

ඉන්ධන මිල සංශෝධනයක් !

ඉන්ධන මිල සංශෝධනය කෙරෙන මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිලේ වෙනසක් අද (31) සිදුවීමට නියමිතව තිබෙනවා.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ පසුගිය ජුනි 30 වැනිදායි.

මේ අතර අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීමත් විශේෂත්වයක්.

ඒ අනුව ජුලි මාසය සඳහා සංශෝධනය වූ මිල ගණන් අගෝස්තු මාසය පුරාද එලෙසින්ම නොවෙනස්ව පැවතුණා.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ​​රු. ලීටරයක් ​​379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙස ද මිල නියම වුණා.