ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා .
ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් තිබෙන අතර එහි නව මිල රුපියල් 331.00ක් වෙනවා .
කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධනවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ඛණිජ තෙල් සංස්ථාව පවසන්නේ .