ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනයක්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබේ.

මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව එම මිල ගණන් තීරණය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

බොහෝ පිරිස් විශ්වාස කරන්නේ, ලෝක වෙළ පොළේ ඉන්ධන මිල ගණන් වල හැසිරීම අනුව, මෙවර ද ඉන්ධන මිල අඩු වනු ඇති බවයි.

කෙසේ වෙතත් මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මාසිකව සිදු වන මෙම ක්‍රියාවලිය වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරනු ලබයි.

Share This