රට පුරා ඉන්ධන පිරවුම්හල් වැසීයාමේ තර්ජනයක්?

රට පුරා ඉන්ධන පිරවුම්හල් වැසීයාමේ තර්ජනයක්?

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ට සියයට 03ක කොමිස් මුදලක් ලැබෙන බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

මෙම කොමිස් මුදල ලබාදී ඇත්තේ, ආදායමක් ලෙස බවත් ඉන් වැට් බදු ගෙවීම, ඉන්ධන පිරවුම්හල්හි වතුර බිල්, ලයිට් බිල් ගෙවීම, සේවක වැටුප් ගෙවීම කළ යුතු බවද සඳහන් කරයි.

එනිසා මෙම කොමිස් මුදල අඩු කිරීමට රජය පියවර ගතහොත් රට පුරා ඇති ඉන්ධන පිරවුම්හල් වැසීයා හැකි යැයිද එම සංගමය සඳහන් කරයි.

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු සහ ලේකම් කුසුම් සඳනායක යන මහත්වරු සහභාගී වූහ.