පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර

පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර

මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉන් පිටව යාමට අවසර හිමිව තිබෙනවා.

සුව අතට පත්වුවද උන්වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා පාප් වහන්සේ රෝහල්ගත කෙරුණා.

අනතුරුව උන්වහන්සේ ද්විත්ව නියුමෝනියා රෝගී තත්ත්වයකට ද ගොදුරු වූ අතර තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණා.

88 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ අද දිනය තුළ රෝහලෙන් පිටව යාමට නියමිත අතර ඊට පෙර උන්වහන්සේ එහි කවුළුවකින් මහ ජනතාව හමුවේ පෙනී සිටීමටයි නියමිතව ඇත්තේ.

ශුද්ධෝත්තමයන් වහන්සේගේ කාලසටහනට අනුව උන් වහන්සේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිතව පවතින අතර, ඉදිරි කාලය තුළ පාස්කු සැමරුම් සඳහා ද එක්වීමට නියමිතයි.