
ශුද්ධොත්තම ෆැන්සිස් පාප්වහන්සේට අසාධ්‍යයි – වතිකානයෙන් නිවේදනයක්
ශුද්ධොත්තම ෆැන්සිස් පාප්වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, වතිකානය පවසයි.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.
පසුව උන්වහන්සේගේ පෙනහළු දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඊට අමතරව රුධිර පාරවිලන ක්‍රියාවලිය ද සිදුවේ.
වයස අවුරුදු 21 දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇති විය.
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.
අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බවයි වතිකානය දැනුම් දෙන්නේ.