අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 6ක් ජීවිතක්ෂයට – 7ක් අතුරුදන්
අධික වර්ෂාවත් සමග සිදුව ඇති ජල ගැලීම් හා පස්කදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ තිස්දහස් අටසිය අනූහතරදෙනෙකු එහි බලපෑමට ලක්ව සිටිනවා.
මේ වන විට ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 7 දෙනෙකු අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.
තාක්ෂණය මත යැපීමකින් තොරව ආපදා ස්ථානයට ගොස් තොරතුරු ලබා ගනිමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රායෝගිකව ක්‍රියාකරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක විසිඑකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 175කට බලපෑම් එල්ල වී තිබෙනවා.
නිවාස 82කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1465ක්.
පවුල් 8358කට අයත් පිරිස සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.
ඥාතී නිවාසවල පවුල් 17635කට අයත් පුද්ගලයන් 59979 දෙනෙකු සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
අද පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මාතලේ ඇල්කඩුව ප්රදේශයටයි. එය මිලි මීටර 132.75ක් වනවා.
අධික වර්ෂාව හේතුවෙන් කුරුණෑගල කොබෙයිගනේ ප්‍රදේශයේ ගංවතුරට හසුවු පුද්ගලයන් 3න් දෙනෙකු ගලවා ගැනීමට හැකිවී තිබෙනවා.
රාජාංගනය , තබ්බෝව , දැදුරු ඔය , පේරාරු , පොල්ගොල්ල , උල්හිටිය රත්කිද , පරාක්‍රම සමුද්‍රය,ලක්ෂපාන,පොල්පිටිය , අංගමුව යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
අධික වර්ෂාවත් සමග වවුනියාව ප්‍රදේශයේ වැව් 30ක් කැඩී ගොස් තිබෙනවා.
වැව් 250ක් දැඩි අවධානම් තත්ත්වයක පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 800ක් පමණ පිහිටා ඇති අතර එකවර විශාල වැව් සංඛ්‍යාවක් කැඩී ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර විපතට පත්වුවන් ගලවා ගැනීම හා සහන සේවා කටයුතු සඳහා රටපුරා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සේවයේ යොදවා තිබෙනවා.
කඩිනම් සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.ඒ අනුව සහන සේවා කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි.