ගංවතුරෙන් වගා හානි වූ ගොවීන්ට අද ඉඳන් වන්දි
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව, පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්රීකුණාමලය යන දිස්ත්රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.
එමෙන්ම, වගා හානි සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
අක්කර 13,379 ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන අතර මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේය.