ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

මේ වන විට මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කළු, කැළණි, ගිං සහ අත්තනගලු ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාවට මෙලෙස ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

ඊයේ (11) රාත්‍රී 9 වන විට දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 54 ක් වශයෙන් සදහන්ව තිබූ බව සදහන් කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා , පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවද සදහන් කළේය.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටව පවතින බවද හෙතෙම සඳහන් කළේය.