ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගැන Fitch Ratings ආයතනයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් සකස් වී ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග, මෙරට බැංකු පද්ධතියේ පැවති පීඩනකාරී තත්ත්වය පහව යනු ඇති බවයි.