වෙන්නප්පුවේ බස් රථ 4කට ගිනි තියලා

වෙන්නප්පුවේ බස් රථ 4කට ගිනි තියලා

බස් රථ 4ක් ගිනිතැබීමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වනවා.

අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4කට අද (20) අලුයම එලෙස ගිනිතබා තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.

අසල තිබූ ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථ වලට ගිනිතබා පළායන අයුරු සටහන්වී ඇති බවද වාර්තා වනවා.

පොලීසිය පවසන්නේ, ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදුව ඇතැයි විශ්වාස කරන බවයි.