
දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබේ.
ඊට අදාළ දුරකථන අංක – 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968
එමෙන්ම ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ වලට යාමෙන් වළකින ලෙස ද ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බවය.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.