තායිලන්තයේ පාසල් බස් රථයක ගින්නකින් 25ක් ජීවිතක්ෂයට

තායිලන්තයේ පාසල් බස් රථයක ගින්නකින් 25ක් ජීවිතක්ෂයට

තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 44 දෙනෙකු ගමන් කරමින් සිටි බස් රථයක් ගිනි ගැනීමෙන් 25 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (01) එම අනතුර සිදුව ඇත්තේ තායිලන්ත අගනුවරට ආසන්න ප්‍රදේශයකදීය.

ඉන් තුවාල ලැබූ තවත් මගීන් 16 දෙනෙක් රෝහල්ගත කර තිබේ.

වාර්තා වලට අනුව සිසුන් 38ක් සහ ගුරුවරුන් 6ක් බස් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය උතායි තානි පළාතේ සිසුන් රැගෙන යමින් සිටියදී තදාසන්න ප්‍රදේශයකදී රථයේ ටයරයක් පුපුරා යාමෙන් වාහනය බාධකයක ගැටී ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.