ගින්නකින් වාද්දුවේ නිවසක් සම්පූර්ණයෙන් විනාශයි

ගින්නකින් වාද්දුවේ නිවසක් සම්පූර්ණයෙන් විනාශයි

වාද්දුව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම අළුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ ගිනිගෙන අළුවී ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී මහත්මියගේ නිවස බව පොලිසිය පැවසීය.

ගින්න යාබද නිවසකටද පැතිර යමින් තිබූ අතර ,ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එය පාලනය කර තිබේ.

ගින්නෙන් නිවස සහ එහි දේපල සියල්ල අළුවී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට කළුතර නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ඇති අතර , ඒ වනවිටත් ප්‍රදේශයේ තරුණ පිරිස ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.