ලොස් ඇන්ජලීස්හී ලැව් ගිනි උග්‍ර අතට – නිවාස දහසක් විනාශයි
අමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව්ගින්න අධික සුළං තත්ත්වය හේතුවෙන් තවදුරටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන අතර පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලැව් ගිනි පැතිර යන්නේ පැලිසේඩ්, ඊටන්, හර්ස්ට් සහ වුඩ්ලි ප්‍රදේශ ආශ්‍රිතව වන අතර ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පැලිසේඩ් සහ ඊටන් ප්‍රදේශ වලටයි.
නිවාස දහසක් මුලුමනින්ම ගින්නෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී තිබේ.
ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස පැලිසේඩ් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්න හැඳින්වේ.
හර්ස්ට්හී අක්කර 700ක් සහ වුඩ්ලි හී අක්කර 75ක් ද ලැව් ගින්නට හසුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.
ලැව්ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලිස්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එක් ලක්ෂ 37,000කට අධික ජනතාවක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා.
මේ වනවිට ගිණි නිවන භටයින් දහස් ගණනක් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් අධික වේගයකින් හමායන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.