සිය නිවසට ගිනි තබා තමනුත් අලුවී නිවසත් අලු කළ දෙදරු පියෙක්

සිය නිවසට ගිනි තබා තමනුත් අලුවී නිවසත් අලු කළ දෙදරු පියෙක්

ඇල්පිටිය තලාව ප්‍රදේශයේ නිවෙසක අද (20) අලුයම ඇති වූ ගින්නකින් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශ වී නිවෙස් හිමියාද ගින්නට හසුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, ඇල්පිටිය තලාව අලිකෑහේන පාරේ පදිංචිව සිටි පන්සල්වත්තේ ගෙදර සුජිත් සමන්ත දිසානායක හෙවත් ජනක නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහුපෙදරේරුවකු වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය කියයි.

අද අලුුයම 3.30 ට පමණ මෙම නිවසේ අඹුසැමියන් අතර ආරවුලක් ඇතිවී ඇති බවත් බීමත්ව සිටි නිවෙස් හිමියා පොරවක් ගෙන බිරිඳට හා දරුවන්ට පහරදීමට උත්සාහ දරා ඇති බවත් එවිට දරුවන් හා බිරිඳ නිවෙසින් පළාගොස් අසල නිවෙසක සැඟවී දිවි බේරාගෙන සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

පසුව නිවෙසට ගිනි ඇවිලී ඇති බවත් නිවෙස දෙසින් විළාප නගන හඬක් ඇසී ඇති බවත් පොලිසිය කියයි.

මෙම ගින්න නිවාදැමීමට නොහැකිවී ඇති අතර නිවසේ ඉදිරිපස කාමරයක පිළිස්සි ගිය මළසිරුරක් ඇති අතර එය නිවෙස් හිමියාගේ විය හැකි බවට පොලිසිය විශ්වාස කරයි.

එලෙස මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (20) ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.