හල්දුම්මුල්ලේ පයිනස් වගාවක හදිසි ගින්නක්

හල්දුම්මුල්ලේ පයිනස් වගාවක හදිසි ගින්නක්

හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19) දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ ගින්න හටගෙන ඇති බවත් කිසිවෙකු විසින් මෙසේ පයිනස් රක්ෂිතයට ගිනිතබන්නට ඇති බවට සැකකරන බවද හෙතෙම කීය.

පැතිර යමින් පවතින ගින්න මැඩපැවැත්වීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන්, පොලිසිය, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර ඇති බවද උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.