චිත්‍රපටයක් නිසා උඩරට දුම්රිය ධාවනය අද සිට සීමා වෙයි

චිත්‍රපටයක් නිසා උඩරට දුම්රිය ධාවනය අද සිට සීමා වෙයි

අද සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබෙනවා.

ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරිම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව මෙම දිනයන්හිදි පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදුකිරිමට නියමිතයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ අදාළ දිනවලදී දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් එලෙස සීමා කෙරෙන බවයි.

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන එම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත එම රූගත කිරීම් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.