යාපනයේ හඳුනානොගත් උණ රෝගයක්
යාපනය ශික්ෂණ රෝහලේ දී හදුනා නොගත් උණ රෝගී තත්වය හේතුවෙන් තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අැති බවත් ඊට ජනතාව බියවිය යුතු නැතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පවසයි.
රෝගීන් මියයෑම සහ අදාළ රෝගී තත්වය හදුනා නොගත් මාරාන්තික උණ රෝගයක් වන බවට ඇතැම් පිරිස් ප්‍රචාරණය කළද එම උණ රෝගය මී උණ විය හැකි බවට වැඩි ඉඩක් පවතින බව යාපනය රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
සත්‍යමූර්ති මහතා පැවසූවේ, මාරාන්තික හදුනානොගත් රෝගයකින් යාපනයේ තිදෙනෙක් මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් තහවුරු කර නොගෙන ප්‍රචාරයන් සිදුකොට ඇති බවත් එයින් ජනතාව භීතියටපත්ව අැති බවත්ය.
අදාළ රෝගය මී උණ රෝගය විය හැකි බවට වැඩි ඉඩක් පවතින බවත්, ජනතාව කිසිදු අනවශ්‍ය ආකාරයේ බෝවන රෝග බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක්, 32 හැවිරිදි නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් උණ රෝගී තත්වයක් මත යාපනය ශික්ෂණ රෝහලේදී පසුගිය දිනවල මියගොස් සිටියහ.
මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් රසායනාගාර පරීක්ෂාවන් සදහා යොමුකර අැති අතර එම පරීක්ෂණවලින් අනතුරුව රෝග තත්ත්වය කුමක්ද යන්න නිශ්චිතවම කිව හැකි බවත් රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.