වැඩිකළ පොහොර සහනාධාරය ලබන සඳුදා සිට

වැඩිකළ පොහොර සහනාධාරය ලබන සඳුදා සිට

වැඩිකළ පොහොර සහනාධාරය ලබාදීම ලබන එළැඹෙන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව, පළමු අදියරේ දී රුපියල් 15,000 ක් සහ දෙවන අදියරේ දී රුපියල් 10,000 ක් මේ යටතේ ලබාදීමට නියමිත බව
අමාත්‍යවරයා සඳහන් කළේය.

අම්පාරෙන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහවැලි කලාපය ඇතුලු‍ දිස්ත්‍රික්කවල ගොවිජනතාවට එම සහනාධාරය ලබාදීමට නියමිත බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.