මහ වැස්සෙන් ගොවිබිම් අක්කර ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයකට හානි
අධික වර්ෂාවත් සමග ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ජලය බැස යාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බවයි, එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ.
ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් භෝග වර්ග 6 ක් සඳහා වන්දි පිරිනමන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු කියා සිටියේ ඒ අනුව වී, අර්තාපල් , බඩ ඉරිඟු, ලොකුලූණු, සෝයා හා මිර්ස් පූර්ණ හානිවූ වගාබිම් සඳහා අක්කරයකට රුපියල් 40,000ක් වන්දි වශයෙන් ලබා දෙන බවයි.