ෆාමසි ගොඩනැගිල්ලක මළගෙයක් පැවැත්වූ ෆාමසිය වසා දමා ඖෂධ තොග විනාශ කරන්නැයි අධිකරණයෙන් නියෝග

ෆාමසි ගොඩනැගිල්ලක මළගෙයක් පැවැත්වූ ෆාමසිය වසා දමා ඖෂධ තොග විනාශ කරන්නැයි අධිකරණයෙන් නියෝග

ෆාමසියක් තුළ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ යාපනයේ පලාලි පාරේ පිහිටි ෆාමසිය වසා දමා එහි ඇති ඖෂධ තොග විනාශ කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා අද (13 ) නියෝග කොට තිබේ.

මෙම ෆාමසිය නිවසක් තුළ පවත්වා ගෙන ගොස් ඇති අතර ෆාමසියේ අයිතිකරුගේ මාමා කෙනෙකු මියගිය අවස්ථාවේදී මෘත ශරීරය ෆාමසිය පවත්වා ගෙන ගිය කොටසේ දින දෙකක් තබා පසුව ආදාහනය කොට ඇත.

එම අවමංගල උත්සවය සඳහා පැමිණි පිරිස රැදී සිට ඇත්තේද එම කොටසේමය.

මේ සම්බන්ධයෙන් ජනතාව යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් පසුව ෆාමසියට මුද්‍රා තබා ඖෂධ අලෙවි කිරීම තහනම් කොට තිබුණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මේ සම්බන්ධයෙන් නඩුවක් යාපනය අධිකරණයේ ගොණු කොට තිබූ අතර එය විභාගයට ගත් යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් ෆාමසිය වහාම වසා දමන ලෙසත් නිවසින් පරිබාහිර සුදුසු ස්ථානයක එය පවත්වා ගෙන යාමට අවසර ලබා දෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කොට තිබේ.

ෆාමසියක් තුළ අවමංගල උළෙලක් පැවැත් වූ බවට තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන්ට ෆාමසියේ අයිතිකරු දෝෂාරෝපණය කරමින් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කරණ බවට යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කොට තිබුණි.

ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කරණ බවට යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කොට තිබුණි.

ඔහු එහිදී ප්‍රකාශ කොට තිබුණේ තමන්ගේ ෆාමසියේදී අවමංගල උළෙලක් නොපැවැත් වූ බවයි.

යාපනය අධිකරණයේ නියෝගයක් මත ෆාමසිය වසා දැමීමට සිදුව ඇති අතර රුපියල් කෝටි ගණනක ඖෂධ විනාශ කිරීමටද සිදුව ඇත.