සා:පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු පමාවෙයි

සා:පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු පමාවෙයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉකුත් දා අවසන් වූ 2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කෙරෙන දිනය සංශෝධනය කිරීමට සිදුව ඇති බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් සඳහන් කරනවා.

උත්තර පත්‍ර ඇගයීමේ කාර්යයන්හි නරත වීමට නියමිත පරීක්ෂකවරුන්ට ඇගයීම් රාජකාරී සඳහා පැමිණීමේදී සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන 2024.06.06 ආරම්භ කිරීමට තිබූ පළමු අදියරේ ඇගයීම් ආරම්භක දිනය 2024.06.08 ලෙස සංශෝධනය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ලබන 08 වනදා සිට 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර ඇගයමේ පළමු අදියර ක්‍රියාත්මක කරන බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

Share This