05 වසර ශිෂ්‍යත්ව විභාගය අදයි

05 වසර ශිෂ්‍යත්ව විභාගය අදයි

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,849 කදී විභාගය ආරම්භ වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

COMMENTS