ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ.

ඒ අනුව, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඒ සදහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි, විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පසුගිය වසරට අදාළව පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණු අතර පෙබරවාරි මස 06 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.