විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කෙරුණු කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක අද (01) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම, කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය අද පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම විභාගයට පෙනී සිටින සියලුම විභාග අපේක්ෂකයන් සඳහා නව විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම අවලංගු කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබිණි.

Share This