ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අගමැතිනියගෙන් දැනුම්දීමක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අගමැතිනියගෙන් දැනුම්දීමක්

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

ඇය මේ බව සඳහන් කළේ, අද (23) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ශිෂ්‍යත්වය විභාගය සමග ඇති වූ අර්බුදය හමුවේ අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බව ද අගමැතිවරිය පැවසුවාය.