උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර පිටකළ ගුරුවරියගේ වැඩ තහනම්
උතුරු මැද පළාතේ පාසල් වල තුන්වන වාර පරීක්ෂණයේ, 6 සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය ඊයේ (07) දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කර තිබේ.
මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය.