මෙරට පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ‘සිංගල් සුපර් පොස්පේට්’ එප්පාවල නිධියේ හදන්න සැලසුම්
සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය සඳහා එප්පාවල පොස්පේට් නිධිය භාවිත කිරීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස මෙරට පොහොර නිෂ්පාදකයින්ට ලබා දෙන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
එප්පාවල පොස්පේට් නිධිය අක්කර 500ක් පුරා විසිරි පවතින අතර, එම පොස්පේට් නිධිය ඵලදායීව භාවිත කිරීම තුළින් සිංගල් සුපර් පොස්පේට් රටතුළම නිෂ්පාදනයට අවස්ථාව උදාවන අතර ඒවා ආනයනය මගින් ද ආදායමක් ලබා ගත හැකි බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
වාර්ෂිකව ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 8ක් පමණ වේ.
ඒ අනුව ආයෝජකයෙකු හරහා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවත්, ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.