එඬරු ඇට කෑ ළමුන් 08 දෙනෙකු රෝහලට

එඬරු ඇට කෑ ළමුන් 08 දෙනෙකු රෝහලට

එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ ආසාද්මිකතාවක් හේතුවෙන් ළමුන් 08 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (28) මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මඩු පොලිස් වසමේ තච්චනාමරදමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි ළමුන් පිරිසක්

මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් දරුවන් අට දෙනකු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෝගී වූ දරුවන් අතර දැරියන් හත් දෙනකු ද වන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

නව හැවිරිදි වියේ පසුවන මෙම දරුවන් මඩු ප්‍රදේශයේම පදංචි කරුවෝ වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This