එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්

එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලදී සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඉන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නේය.

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් ඝාතනය වීමේ සිද්ධියට අදාලව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එමිල් රංජන් මහතා වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.