ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි යළි මහනුවරින් ඇරඹීමට අවධානය
දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩිම ඉල්ලුමක් සහ ආකර්ෂණයක් ඇති උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන ඇල්ල ඔඩිසි සහ දුන්හිඳ ඔඩිසි දුම්රිය දෙක නැවතත් මහනුවරින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
මෙම දුම්රිය ගමන් දෙක මුලදී මහනුවරින් ආරම්භ වුවද සංචාරකයන්ගේ පහසුව සඳහා කොළඹින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණත් විදේශිකයන් පැය දහයක් පමණ කාලයක් දුම්රියේ ගමන් කිරීමට අකමැති වීමත් ඒ හරහා සිදු කෙරන මහා පරිමාණ ප්‍රවේශපත්‍ර වංචාව වැළැක්වීමටත් මහනුවරින් නැවතත් එය ආරම්භ කිරීමෙන් හැකිවන බවට දුම්රිය බලධාරීන්ගේ මතය වී තිබේ.
මෙම දුම්රිය ගමන් දෙක සඳහා විදේශිකයන් බොහෝ විට එක් වන්නේ මහනුවරින් බවද දුම්රිය බලධාරීන් පවසයි.
මෙම දුම්රිය ගමන් දෙකේදී මහා පරිමාණ ප්‍රවේශපත්‍ර මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මෙහි එක් ගමනක් සඳහා දින 30කට පෙර ප්‍රවේශපත්‍ර කලින් ලියාපදිංචිය ආරම්භ කරන අතර පෙරවරු 10.00 ට ප්‍රවේශපත්‍ර ලියාපදිංචිය ආරම්භ කිරීමෙන් අනතුරුව පෙරවරු 10.05 පමණ වන විට සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී හමාරවන බවද ඒ තුළින් මෙම මාෆියාව තේරුම් ගත හැකි වන බවද දුම්රිය බලධාරීහු පවසති.
ඒ ආකාරයට සාමාන්‍ය මුදලකට ලබාගන්නා ප්‍රවේශපත්‍රයක් විදේශීකයෙකුට රුපියල් 20,000-25,000 ත් අතර මුදලකට අලෙවි කිරීමට තැරැව්කරුවන් පෙළඹී සිටින බවද පවසන දුම්රිය බලධාරීහු එය මෙරට සංචාරක කර්මාන්තයට විශාල කැළලක් බවද පවසති.