වන අලි ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකුට තුවාල

වන අලි ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකුට තුවාල

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ හබරන තලපත්කන්ද ප්‍රදේශයේදී විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථයකට වන අලියෙකු පහරදීමෙන් විදේශිකයන් දෙදෙනෙකු තුවාල තිබේ.

වන අලියාගේ පහරදීමෙන් ජීප් රථයට ද හානි සිදුව තිබෙනවා.

හබරන හුරුළු පාරිසරික උද්‍යානයේ වන අලින් නරඹා යළි හබරන නගරය දෙසට ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම වනෝද්‍යානයේ සැරිසරන කබරයා යනුවෙන් හදුන්වන වන අලියා මෙසේ පහරදී තිබෙනවා.

සිද්ධියෙන් විදේශිකයන් සුළු තුවාල ලැබූ අතර ඔවුන් හබරන දිසා රෝහලට ඇතුළත් කර තිබේ .