විදුලි සැර වැදී දැරියක් මරුට

විදුලි සැර වැදී දැරියක් මරුට

නවගත්තේගම, තරණගහවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදී ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 14 හැවිරිදි ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර විදුලි සැර වැදුණු දැරිය පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි, පොලීසිය පැවසුවේ.

අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවටයි, විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.