ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනොත් මොකද කරන්නේ?

ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනොත් මොකද කරන්නේ?

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (10) සඳහන් කළා.

ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවයි, ඒ මහතා පැවසුවේ.

14 වනදා වනවිට යම් අයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවද ඔහු පැවසීය.

මැතිවරණ දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවෙයි.