මැතිවරණ කාර්යාල වල ඇති මැති ඇමැතිවරුන්ගේ රූප ඉවත් කරන්නැයි උපදෙස්

මැතිවරණ කාර්යාල වල ඇති මැති ඇමැතිවරුන්ගේ රූප ඉවත් කරන්නැයි උපදෙස්

මැතිවරණ කාර්යාල වල ප්‍රදර්ශනය කර ඇති ඒ ඒ ප්‍රදේශවල මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ චායාරූප ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස්දී තිබේ.

මෙවැනි රූප ප්‍රදර්ශන කිරීමෙන් සිදුවන්නේ නැති ආරවුල් නිර්මාණය වීම බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවැනි දේවල් ඉවත් කිරීමට පොලිසියට බලය ඇතැයිද ඔහු කීවේය.

බොහෝ අපේක්ෂකයන් කාර්යාල වශයෙන් පවත්වාගෙන යන්නේ මඩු සහ කූඩාරම් බවත් මේවා කාර්යාල යන නමටත් නොගැලපෙන ඒවා බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .

අපේක්ෂකයාගේ ලකුණ සහ රුව ඇතුළත් කර බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි කූඩාරම් පවත්වාගෙන යන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.