දේශපාලන පක්ෂ 06කට නාම යෝජනා දෙන්න බෑ – මැතිවරණ කොමිසම

දේශපාලන පක්ෂ 06කට නාම යෝජනා දෙන්න බෑ – මැතිවරණ කොමිසම

දේශපාලන පක්ෂ 06ක ලේකම්වරු සම්බන්ධයෙන් පවතින අර්බුද නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂ වලට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය,ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,එක්සත් ලංකා මහා සභා පක්ෂය,ලංකා ජනතා පක්ෂය,එක්සත් ලංකා පොදු ජන පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතශීලී පෙරමුණ යන පක්ෂ වලට ඉදිරි මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ස්ථිර ලේකම්වරයකු නොමැති නිසා එම පක්ෂ වලට නාමයෝජනා බාරදීමට නොහැකි බවද ඔහු කීවේය.

එම පක්ෂ වල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂ වලට දැනුම්දී තිබේ.