දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කොළඹට

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කොළඹට

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවා තිබෙනවා.

ලබන සෙනසුරාදා ඔවුන් සමග මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවයි, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කිරීම හා ඒ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු පිළිබඳ තේරීම්භාර නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසේ.

මේ අතර පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නිසිලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍රය ලබන 12 වැනි දාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙසයි.

තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයැදුම්පත් භාර ගැනීමේ කාලය කිසිසේත් දීර්ඝ නොකරන බව ද නිවේදනයේ සඳහන්.

තැපැල් ඡන්ද අයැදුම්පත්‍ර මැතිවරණ කොමිෂණ් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකියි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ලබන 17 වැනි දා ආරම්භ වනවා.