මනාපේ ගන්න සල්ලි බෙදූ අපේක්ෂකයෙක් අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද( 14) අලුයම එකට පමණ මහ මැතිවරණ අපේක්ෂකයකු,ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය අල් මනාර් කදවුර අසළදී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම අපේක්ෂකයා සතුව ඒ වනවිටත් රුපියල් 97,200 ක මුදලක් තිබී ඇති අතර පොලිසිය විසින් එම මුදල් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.