ඡන්ද ආධාරකරුවන්ට සාද පවත්වන හෝටල් වලට මැතිවරණ කොමිසමෙන් රතු එළියක්

ඡන්ද ආධාරකරුවන්ට සාද පවත්වන හෝටල් වලට මැතිවරණ කොමිසමෙන් රතු එළියක්

ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත

මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ ගණනාවක් මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල පවත්වා තිබේ.

ඒ අනුව එම අවවාදාත්මක ලිපි මහනුවර ප්‍රදේශයේ හෝටල් වලට මුලින්ම යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සිය ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ ලබාදීමට මැතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමෙන්  වළකින්නැයිද එම ලිපි මගින් හෝටල් හිමියන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි සඳහන් වේ.

තවද හෝටල්වල මෙවැනි සංග්‍රහ පැවැත්වීම නැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (28) පොලිසියට උපදෙස් මාලාවක් ලබා දුන්නේය.

මේ අතර මැතිවරණ අපේක්ෂකයන් විවිධ හෝටල්වල සංග්‍රහ පවත්වන බවට සදහන් අසත්‍ය පැමිණිලිද විශාල වශයෙන් ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එවැනි ස්ථාන පරීක්ෂාව සඳහා අමතර වියදමක් දැරීමට සිදුවන හෙයින් එලෙස  අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහනුවර  මැතිවරණ අපේක්ෂකයකු මහනුවර ප්‍රදේශයේ හෝටලයක පෙරේදා සංග්‍රහයක් පවත්වමින් සිටියදී මැතිවරණ කොමිෂන්  සභාවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වැටලූ  අවස්ථාවේදී අපේක්ෂකයා පස්ස දොරෙන් පලා ගොස්  ඇතැයි වාර්තාවේ.

එහිදී  එම සංග්‍රහය පැවැත්වීමේ වගකීම අපේක්ෂකයාගේ ආධාරකරුවකු බාරගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මේ අපේක්ෂකයාගේ ක්‍රියා කලාපය ගැන මහනුවර සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් පැමිණිලි කර තිබේ.

COMMENTS