ජනපතිවරණයේ දී ලක්ෂ 37ක් ඡන්දය භාවිතා කර නෑ

ජනපතිවරණයේ දී ලක්ෂ 37ක් ඡන්දය භාවිතා කර නෑ

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබෙන බව වාර්තා වේ.

ජනපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 17,140,354 දෙනකු සුදුසුකම ලබා සිටි අතර, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඉන් ඡන්දදායකයන් 13,619,916 දෙනකු පමණක් ඡන්දය භාවිත කර තිබූ බවය.

එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 79.46කි.