ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස

ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස

2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ, 2024 මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයින් සඳහා මෙම සංයුක්ත තැටිය ලබාගත හැකි බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්ගේ, බලයලත් නියෝජිතගේ, ස්වාධීන කණ්ඩායම් නායකගේ හෝ අපේක්ෂකගේ ලිඛිත ඉල්ලීමකට අනුව සංයුක්ත තැටි නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එම කොමිසම පැවසුවේ, ඒ අනුව සතියේ වැඩකරන දිනක කාර්යාල වේලාව තුළ නියමිත ගාස්තු ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් 2024 ඡන්ද හිමි නාම ලේඛනය ඇතුළත් සංයුක්ත තැටිය ලබාගත හැකි බවයි.