
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර්ලිමේන්තුවට කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.
අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.
එහිදී කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලද සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ නිවේදනය පහතින්,
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)’ නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.
“ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ,
පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවය.”
“විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ,
මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.”
“ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.” යනුවෙනි.