ඡන්දෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

ඡන්දෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය.

මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලීසියේ සහායට ත්‍රිවිධ හමුදා බට පිරිස් ලබාදීමට අදාල අංශ කටයුතු කරමින් සිටින බව දැනුම්දී ඇතැයිද ඔහු කීවේය.

මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට රජය ත්‍රිවිධ හමුදා බටපිරිස් වලට දැනටමත් උපදෙස් ලබා දී ඇත.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස්දී ඇත.

මැතිවරණයෙන් පසු සති දෙකක් යනතුරුද රැස්වීම් පෙළපාළි තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම නීතිය කඩ කරමින් රැස්වීම් සහ පෙළපාලි පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

මැතිවරණයෙන් පසු සාමකාමීව කටයුතු කරන ලෙසට තම ආධාරකරුවන්ට සහ හිතවතුන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලට දැනුම්දී ඇත.