ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව, ඒවා මැතිවරණ කොමිසමට භාරදී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

එමෙන්ම, නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඉදිරි සතිය ඇතුළත අවසන් කිරිමට සැලසුම් කර ඇති බව ද මුද්‍රණාලය පවසයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් හෙට (08) ක්‍රියාත්මක වේ.

පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 30%ක් පමණ මේ වනවිට බෙදා අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේය.